Microsoft Security Essentials මෙයත් වින්ඩෝස් පරිශීලකයන් අතර ගොඩක් ජනප්‍රිය වෛරස් ගාඩ් එකක්, අපේ රටෙත් ගොඩක් දෙනා මේ එක වැලදගෙන තියෙනවා...එහෙත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඒකත් කියන්න ඕනෙ නැත්නම් ඔයාලා අමාරුවෙ වැටෙනවා, MSE ලෙස හදුවන් මේ වෛරස් ගාඩ් එක තුල Firewall එකක් නොමත, ඔබ මෙම Microsoft විසින් නොමිලේ ලබා දෙන වෛරස් ගාඩ් එක කොම් එකට Install කරගත්තොත් ඔබො වින්ඩෝස් සතු Firewall එක මේ වෛස් ගාඩ් එක මගින් ON කරගන්නවා, ඉතින් ලංකාවෙ නම් ගොඩක් දෙයා භාවිතා කරන්නෙ වින්ඩොස් ක්‍රැක් වර්ෂන් නේද, මේ නිසා ගොඩක් දෙනෙත් වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ නෑ, අප්ඩේට් එක OFF කරලා තියෙන්නේ..
මොකද සමහර වින්ඩෝස් ක්‍රැක් තියෙනවා ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් ඔයාගෙ කොම් එක ගොඩක් ස්ලෝ වෙන්න පුළුවන්, ඒ නිසා ගොඩක් දෙනෙක් වින්ඩෝස් අප්ඩේට් කරන්න බයයි, මටත් දවසක් ක්‍රැක් වර්ෂන් එකක් අප්ඩේට් කරලා බඩු පැකට්, අම්බානක් ස්ලෝ උනා, කොම් එකට ෆෝමැට් පාරක් දාලා තමයි ගොඩ දාගත්තෙ, ඉතින් ඔයාලත් වින්ඩෝස් ජෙනුවින් එකක් බාවිතා කරන්නෙක් නම් MSE දාගන්න පුළුවන්, ඒ වගේම කාලයක් තිස්සෙ ඔයා වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් උවත් ප්‍රශ්නයකින් තොරව අප්ඩේට් කරනවානම් MSE දාගන්න අවුලක් වෙන්නෙ නැති වෙයි, ඔයාලා දන්නෙ ඇතිනෙ, ඇයි මේ වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ වෙන්නෙ, ඉහතින් කිව්ව විදිහට Firewall එකක් නැති නිසා, ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් විතරයි ඔයාගෙ Firewall එක Update එකත් අප්ඩේට් වෙන්නේ, ඔයා අන්තරජාලය භාවිතා කරන විට ඔයා දන්නවා ඇති අපේ Firewall එක හරවා විවිද විනාශකාරී වැඩසටහන් (මැල්වෙයා, ස්පයිවෙයා) රින්ගන්න වෙර දරනවා, ඉතින් ඔයාගෙ Firewall එකත් අප්ඩේට් කරලා නැතිනම් මේ වැඩසටහනක් කොම් එකට අතුලු වෙන්න පුළුවන් එහෙම උනොත් ඔයා අමාරුවෙ, මොකද මම ලිපියෙ ආරම්භයේදී මේවගෙන් මොකද වෙන්නෙ කියලා ලිපිය කියවපු අයට මතක ඇති, ඔයාටත් MSE හොදයි කියලා හිනෙවනවනම් දාගන්න අවුලක් නොමැත, කලින් කියපු දේ හොදින් මතක තියා ගන්න.....
